/ Sep 08, 2026

මාස 8කදී වාර්තාගත විදේශ විනිමය සංචිතයක්!

රුපියලේ උච්චාවචනයන් සහ මැදපෙරදිග අර්බුදයේ අභියෝග මැද ඩොලර් බිලියන ගණනක සංචිතයක් ගොඩනඟා ගැනීමට සමත්වීම මෙරට ආර්ථික ස්ථාවරත්වයේ නව හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මහ බැංකු දත්ත වලට අනුව, 2026 අගෝස්තු මස තුළ පමණක් එක්සත් ජනපද ඩොලර් මිලියන 579ක් දේශීය විදේශ විනිමය වෙළඳපොළෙන් මිලදී ගෙන ඇති අතර, එය 2025 ජනවාරියෙන් පසු වාර්තා වූ විශාලතම මාසික විදේශ මුදල් මිලදී ගැනීම ලෙසද හඳුන්වයි.

ඒ අනුව, 2026 වසරේ පළමු මාස අට ඇතුළත ශුද්ධ ඩොලර් මිලදී ගැනීම් බිලියන 1.48 ඉක්මවා ගොස් ඇති අතර, එය 2025 වසර මුළුල්ලේම රැස් කරන ලද ඩොලර් බිලියන 2ක සමස්ත ප්‍රමාණයට ආසන්න අගයක් ලෙස දැක්වෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top