ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු අතරමැදි පෙත්සම් ප්රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (22) නියෝග කර තිබේ.
පූජ්ය බෙංගමුවේ නාලක හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් මෙම අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.





