/ Nov 13, 2025

ප්‍රසන්නටත් ශෂින්ද්‍රට වගේමද?

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඊයේ (12) අල්ලස් හෝ දුෂණ චෝදනා විඅම්ර්ෂණ කොමිසම මඟී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදුව ඔහු ඇප මත නිදහස් විය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය සමයේ සංචාරක අමාත්‍යවරයාව සිටිය දී, ඔහු විසින් කරන ලද යම් අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයකට අදාළව ඔහුට චෝදනා එල්ල වී තිබේ.

එවකට ඔහු යටතේ පැවති ආයතන කිහිපයක සේවකයන්ට වෛද්‍ය රක්ෂණ ලබා දීමේදී එය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් සෘජුව ලබා ගත හැකිව තිබියදී තැරැව්කාර සමාගමක් හරහා ලබා ගැනීමෙන්, එම තැරැව්කාර සමාගමට රුපියල් ලක්ෂ හතලිස් හත හමාරකට වඩා වැඩි අනිසි ලාභයක් අත්කර දීම හිටපු අමාත්‍යවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි.

කෙසේවෙතත් ඒ සමබන්ධයෙන් සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු ඊයේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට කැඳවා තිබුණි.

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ඔහු වෙනුවෙන් ජනාධිපති නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි පෙනී සිටියේය.

ජනාධිපති නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි, එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් ප්‍රසන්න රණතුංග හිටපු අමාත්‍යවරයා නිර්දෝශී බවත් නඩුවට මුහුණ දීමට තම සේවාදායකයා සූදානම් බවත් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබේ.

ඉන් පසුව, ඔහු ප්‍රසන්න රණතුංග හිටපු අමාත්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදවද අනාවරණයක් සිදු කළේ ය.

“ස්වාමිනි, මේ සැකකරුට ශල්‍යකර්මයක් සිදුකර තිබීම හේතුවෙන් ඔහුට සාමාන්‍ය පරිදි ආහාර ලබාගන්න බැහැ. ඔහුට පැය හතරෙන් හතරට කුඩා ආහාරයක් ලබාගත යුතුයි. ඊට විශේෂ ප්‍රෝටීන් මිශ්‍ර කිරීමක්ද කළ යුතුයි. නැතිනම් ඔහුගේ ජීවිතය අවදානමකට ලක්වෙනවා. එබැවින් ඔහුට ඇප ලබාදීමේදී මේ කරුණුත් සලකා බලන ලෙස මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.”

ඒ අනුව දෙපාර්ශවයේම කරුණු සලකා බැලීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා හිටපු ඇමතිවරයාට ඇප ලබා දීමට නියෝග කළේය.

රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර අප දෙකක් මත ඔහු මුදාහැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කර තිබේ.

මිට පෙරද මෙවැනිම අවස්ථාවක් අධිකරණයෙන් වාර්තා වූ අතර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශෂීන්ද්‍ර රාජපක්ෂ හිටපු රජ්‍ය අමාත්‍යවරයාටද ඇප ඉල්ලීමේදී විශේෂ අසනීප තත්ත්වයක් අධිකරණය හමුවේ අනාවරණය වී තිබුණි.

එනම් ඔහුට නින්දේදී පැයකට 35 වතාවක් හුස්ම හිරවෙන රෝගී තත්ත්වයක් පවතින බවයි.

කෙසේවෙතත් ඔහුට රක්ෂිත බන්ධනාගාරගතව දින 69කට පසු ඇප මත නිදහස් වීමට හැකි වූ අට්‍ර්හ ඔහුට එල්ල වී තිබුණු චෝදනාව වූයේ 2022 වසරේ මැයි මස 09 වනදා ඇති වූ අරගලයේදී ඔහුට අයත් බව කියන ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපොළ හානියකට වන්දි ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබියදී රු. 8,850,000ක් (ලක්ෂ 88) වන්දි ලබාගැනීම තුළින් ‘දූෂණය’ නමැති වරද සිදුකිරීම සහ මහවැලි අධිකාරිය සතු දේපොළක් සාපරාධී සාවද්‍ය පරිහරණයයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top