ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි රුහුණු කතරගම බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර පැය 3ක කාලයකින් පසු ඉන් පිටව ගොස් තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද කැඳවීමක් මත අද පෙරවරු 11ට පමණ ඔහු එම දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් බස්නායක නිළමේවරයා සඳහන් කළේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටිය දී කිරිවෙහෙරේ විහාරාධිපති හිමියන් විසින් ඉදිකරන ලද නිවසක් සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට තමාව අද දිනයේ ගෙන්වූ බවයි.