ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමි ඉන් පිටව ගොස් තිබේ.
උන් වහන්සේ අද (11) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව පැය 7කට පසු උන්වහන්සේ ඉන් පිටව ගොස් ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ ඉදිකරන ලද නිවසක් සම්බන්ධයෙන් කරුණු විමසීමට අදාළව උන්වහන්සේට මෙම කැඳවීම සිදුකර තිබුණි.
මේ අතර මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේ ඩිශාන් ගුණසේකර මහතාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ දිනයේදී පැමිණ ප්‍රකාශයක් ලබා දී තිබුණි.