/ Aug 04, 2026

දෙමෝදර ගඟට ලොරියක් පෙරළෙයි – රියදුරුට බරපතල තුවාල

අද (04) අලුයම ඇල්ල, ගවරවෙල ප්‍රදේශයේ දී ලොරි රථයක් දෙමෝදර ගඟට පෙරළී බිහිසුණු අනතුරක් සිදුව තිබේ.

අනතුරෙන් බරපතළ ලෙස තුවාල ලැබූ ලොරි රියදුරු දෙමෝදර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇති බව වාර්තා වෙයි.

ලොරියේ කාර්මික දෝෂයක් අනතුරට හේතු වන්නට ඇතැයි සැක කරන අතර ඇල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top