/ May 12, 2026

පැය දෙකකට පසු මහින්ද අල්ලස් කොමිසමෙන් පිට වෙයි!

එයාබස් ගනුදෙනුවේදී ඩොලර් මිලියන දෙකක අල්ලසක් ලබා ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් වන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම පිණිස අද (12) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඉන් පිටව ගොස් තිබේ.

උදෑසන 9.30ට පමණ කොමිසම වෙත පැමිණි හිටපු ජනපතිවරයා 11.50ට පමණ ඉන් පිටව ගියේ ය.

පාක්ෂිකයන් පිරිසක් ජයවේවා යැයි කියමින් අවට රැඳී සිටි අතර ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබිණ. මෙම විමර්ශනයට අදාළව පවරා ඇති නඩුවේ ප්‍රධාන සැකකරුවෙකු වන ශ්‍රී ලංකන් එයාර් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන පසුගිය දා අබිරහස් අන්දමින් මරණයට පත් විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top