/ Mar 13, 2025

මීනගයා අනතුරේ රියදුරන්ට දඬුවම් කළොත් බලාගෙනයි : අනතුරු ඇඟවීමක්

Meenagaya accident are punished: Warning

මීනගයා දුම්රියේ ගැටී වන අලින් මිය යෑම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනයේදී දුම්රිය රියැදුරන්ට යම් අසාධාරණයක් සිදු වුවහොත් වන අලි සුලබව ගැවසෙන ප්‍රදේශවල රාත්‍රී දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට කටයුතු කරන බව දුම්රිය ඉංජිනේරු සංගමය පවසයි.

ගල්ඔය ප්‍රදේශයේදී වන අලි මියයෑම සම්බන්ධයෙන් විධිමත් කරුණු සොයා බැලීමකින් තොරව පරිසරවේදීන් විසින් අදාළ දුම්රිය රියැදුරාට නඟන චෝදනා තමන් පිළිකුලෙන් යුතුව හෙළා දකින බවයි එම සංගමය දැනුම් දෙන්නේ.

මෙම අනතුරට ප්‍රධාන හේතුව වී ඇත්තේ දුම්රිය මාර්ග යේ සිටින වන අලි ප්‍රමාණවත් දුරකදී දර්ශනය නොවීම බවත් වන අලි දුම්රියේ ගැටීම සම්බන්ධයෙන් සාධාරණ විසඳුමක් මේ දක්වා ලබාදීමට බලධාරීන් කටයුතු කර නැති බවත් ඔවුන් පෙන්වා දෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top