ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ කම්බිලිකොටුව ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇතැයි වාර්තා වේ.
ගෙවල් කුලී මුදල් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පසු මරණකරු විසින් පිරිමි පුද්ගලයෙකුට හා ඔහුගේ බිරිඳට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර ඇති බවත්, ඉන් පසු පිරිමි පුද්ගලයා විසින් මරණකරු අත තිබූ තියුණු ආයුධය උදුරා ගෙන මරණකරුට එම තියුණු ආයුධයෙන්ම පහර දී ඇති බවටත් දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.
මියගිය පුද්ගලයා 52 හැවිරිදි ග්‍රෑන්ඩ්පාස්, කම්බිකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සැකකරු හා ඔහුගේ බිරිඳ සිද්ධියෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවද සඳහන්.