/ Mar 22, 2025

15% ට අඩු කළේ 30%ට තිබ්බ බද්දයි : නි. ඇමැති

ONLINE TAX

අන්තර්ජාලය ඔස්සේ විදේශ මුදල් උපයන්නන් සඳහා තම බදු පනවා ඇත්තේ පසුගිය රජය විසින් බව ආර්ථික නියෝජ්‍ය ඇමැති හර්ෂණ සූරියප්පෙරුම පවසයි.

ඔහු සඳහන් කරන්නේ රනිල් වික්‍රමසිංහ රජය විසින් 30%ක් ලෙස පනවා තිබූ බද්ද 15%ක් දක්වා අඩු කිරීමට වත්මන් රජය කටයුතු කළ බවයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කර රටට අවශ්‍ය ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු කියා සිටියේය.

ලෝකයේ නවතම නීතිය අනුව බදු නිදහස් සේවාවන් ලබා නොදෙන බවත් කිසියම් රටකින් ලබාදෙන සේවාවක් සඳහා බදු එරටින් අය නොකරන්නේ නම් සේවාව ලබාගන්නා රටෙන් හෝ එම බද්ද පනවන බවත් ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top