ත්‍රිවිද හමුදාවෙන් නිත්‍යනුකූල ලෙස ඉවත්ව නොවූ හමුදා සාමාජිකයන් 679 මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරයි.
ඉකුත් පෙබරවාරි මස 22 වෙනිදා සිට ඊයේ (05) දිනය දක්වා කාලය තුළ පොලීසිය හා යුද හමුදා පොලීසිය එක්ව සිදුකළ වැටලීම්වලදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි සඳහන් වන්නේ.
මෙම අත්අඩංගුවට ගත්පිරිසෙන් බහුතරය යුද හමුදා සමාජිකයන් වන අතර, එම සංඛ්‍යාව 535ක් ලෙස නිවේදනයේ දක්වා ඇත.
ඊට අමතරව නාවික හමුදාවේ 63 දෙනෙකු සහ ගුවන් හමුදාවේ 81 දෙනෙකු මෙම අත්අඩංගුවට ගත් පිරිසි අතර සිටියි.