හම්බන්තොට කුරුළු උද්‍යාන ගබඩාවේ තිබී සොයාගත් නීති විරෝධීව මෙරටට ආනයනය කළ යතුරුපැදි සමඟ අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා ජූලි 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
කුරුළු උද්‍යානයේ කළමනාකරු සහ ගබඩා භාරකරු වූ සැකකරුවන් දෙදෙනා ඊයේ (13) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබුණි.
එහි දී අධිකරණය ඔවුන්ට විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබීය.
පොලිසියට ලැබුණු තොරතුරක් මත හම්බන්තොට, නාගර වැව කුරුළු උයන පරිශ්‍රයේ පෙරේදා (12) සිදු කළ මෙහෙයුමක දී කුරුළු ආහාර ගබඩාවේ සඟවා තිබිය දී මෙරටට ආනයනය කිරීමට තහනම් විදෙස් රටවල නිෂ්පාදිත යතුරු පැදි 21ක් විසින් සොයා ගෙන තිබුණි.
මෙහිදී කුරුළු උයන පරිශ්‍රයේ නීති විරෝධී ලෙස වගා කර තිබූ ගංජා පැල 04ක් ද සොයාගත් බව පොලිසිය පැවසීය.