/ Apr 19, 2025

“ආවේ සිංහබාහු පෙන්වන්න – හැබැයි දැන් පෙන්නන්නේ අන්දරේ” ; මුජිබර්ගෙන් සැර කතාවක්!

සිංහබාහු පෙන්වන්න ආපු ආණ්ඩුව අද අන්දරේලා පෙන්නන ගානට පසුබැස ඇති බව මන්ත්‍රී මුජිබුර් රහුමාන් පැවසීය.

පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව කීය.

“ආණ්ඩුවේ අයවැය විවාදවල ආදායම වැඩි කරන මාර්ග ගැන ලොකු කතා කිව්වේ නැහැ. පොහොසත් රටක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ දේශීය නිෂ්පාදනය කරන කිරි, බිත්තර, පාසල් උපකරණ, කෘෂි උපකරණ, පොහොර ආදී දේ රැසක් සඳහා වැට් බදු බිංදුව කරන බව මැතිවරණයේදී පැවසුවා.

මේවා අහලා ගොඩක් මිනිස්සු ඡන්දෙ දුන්නා. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයටත් 15% බද්දක් ගහලා. ආණ්ඩුවේ පොරොන්දු එකින් එක අද වන විට කැඩී ගිහින්. අද මහ බැංකුව වෙනුවට බටලන්ද ගෙනත්. ඒක වෙන අතක යනවා.

ලක්ෂ 68ක් ටිකට් ගත්තේ සිංහබාහු බලන්න. නමුත් පෙන්නන්නෙ අන්දරේලා” යනුවෙන් ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top