/ Apr 20, 2025

කතානායකතුමනි, මේවට ඇඬෙන්නේ නැද්ද? ; රෝහිනී කවිරත්න මැතිසබේ දී ගිනි පිඹී

ජනතා විමුක්ති පෙරමුණ විසින් 88/89 වසර තුළ මෙරට ක්‍රියාත්මක කළ ආයුධ සන්නද්ධ කැරැල්ලේ දී ඝාතනය කළ බව කියන එක්සත් ජාතික පක්ෂයේ සාමාජික සමාජිකාවන්ගේ ලැයිස්තුවක් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කවිරත්න විසින් ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී සභාගත කරනු ලැබීය.

ඊට ඇතුළත් නොවන පුද්ගලයින්ගේ නම් අප්‍රේල් මස පැවැත්වීමට නියමිත ‘බටලන්ද විවාදයේදී’ සභාගත කරන බව ද ඇය ප්‍රකාශ කළාය.

පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඇය මෙසේ ද කීය.

එදා බටලන්ද ගැන සභානායකතුමා සංවේදී කතවක් කළා. හැබැයි නම් හතරක් පහක් විතරයි කිව්වේ. ජේවීපී එකේ තුවක්කුවෙන්, කඩුවෙන්, කැත්තෙන්, පිහියෙන් ඝාතනය වෙච්ච නම් 1300ක් මම සභාගත කරනවා. එල්. ටී. ටී එකටත් කලින් ළමා සොල්දාදුවන් ඇති කළේ ජේවීපී එකේ අය. ඒකට හොඳම උදාහරණට තමයි කන්තලේ බෝනික්කි. අවුරුදු 13ක දරුවෙක් ලවා එජාපයේ අවුරුදු 70ක කාන්තාවක් ඝාතනය කෙරෙව්වා. මේක තමයි ඇත්ත…….

එදා ගුරු සේවයේ අසහාය වෘත්තීය සමිති නායකයෙක් හිටියා කොමියුනිස්ට් පක්ෂයේ ජෝර්ජ් රත්නායක මහතා. එතුමා ඝාතනය කළෙත් දරුවෙක් ලවා….

එදා ගාල්ලේ බැංකු ධර්මේගේ බිරිඳ ගර්භනී කාන්තාවක්. ඇයගේ බඩ කපලා දරුවා ස්ටූල් එක උඩින් තිබ්බේ ඔහු එජාපයේ කෙනෙක් නිසා…..

මම අහනවා කතානායකතුමාගෙන් මේවට ඇඩෙන්නේ නැද්ද කියලා?”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top