/ Apr 20, 2025

නාගලගම්වීදියේ වෙඩික්කරු මාට්ටු

ග්‍රෑන්ඩ්පාස් නාගලගම්වීදිය ප්‍රදේශයේ දී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩිතබා තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු එම සිද්ධියට සම්බන්ධ වෙඩික්කරුවෙකු බවට සිදුකල විමර්ශවල දී අනාවරණය වී ඇති අතර ඒ අනුව ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32ක් වූ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

2025.03.17 වන දින රාත්‍රී කාලයේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම්වීදිය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

සැකකරු අලුත්කඩේ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් තිදෙනෙකු හා සැකකාරියක් විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top