දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ගෙන එන ඕනෑම යෝජනාවකට සිය පක්ෂය සහාය ලබා දෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විපක්ෂනායකවරයා පැවසුවේ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති කරනු ලැබුවේ ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බවයි.
එම පත්කිරීම සම්බන්ධයෙන් සිය පක්ෂය විරුද්ධ වූ බවත් දේශබන්දු එම තනතුර සඳහා පත් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා මෙන්ම කතානායකවරයාද වගකිව යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වාදෙයි.