ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට හෙට (04) දිනයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පුළුල් බඳ සහිත ගුවන් යානා ඇණියක් ස්ථාපිත කිරීමේදී සිදුවූ අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව එම කැඳවීම සිදුකර ඇති බව සඳහන්.
මීටපෙර පසුගිය සඳුදා දිනයේදී අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මන්ත්‍රීවරයාට දැනුම්දී තිබුණු නමුත් ඔහු ඊට පසුදින පැමිණිය හැකි බව මුලින් දැනුම් දී තිබුණු බවත් පසුව ඔහු සිය නීතීඥවරයා මාර්ගයෙන් ලිපියක් යොමුකරමින් සැප්තැම්බර් 25 වනදායි පසු දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා ඇති නමුත් අල්ලස් කොමිසම එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති අතර අතර සැප්තැම්බර් 04 වනදා පැමිණෙන ලෙස දැනුම් දී ඇති බව දැක්වෙයි.





