/ Jan 23, 2026

නව පොලිස්පති තේරී පත් වෙයි

මෙරට 37 වැනි පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කිරීමට ජනපතිගේ යෝජනාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය අද (12 )හිමිව ඇති බව වාර්තා වෙයි.

නව පොලිස්පත් පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පසුගිය 7 වැනිදා රැස්වූ නමුත් එහිදී අවසාන තීරණයක් ගැනීමට නොහැකි වී තිබේ.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් නෙරපා හරිනු ලැබු පසුව නව පොලිස්පතිවරයකු තෝරා ගැනීමට කටයුතු කෙරිණ.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය 1988 වසරේදී පොලිස් දෙපාර්තමේන්තුවට එක්ව ඇති අතර කොස්තාපල්වරයෙකු ලෙස පොලිස් සේවයට එක්වූ ඔහු 1992 දක්වා පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ රථවාහන සහ අපරාධ කොට්ඨාසයන්හි සේවය කර තිබේ.

ඔහු 1969 පෙබරවාරි 09 වැනිදා දොඩංගොඩ ප්‍රදේශයේදී උපත ලබා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top