/ Apr 20, 2025

වියාලේන්ද්‍රන්ට ඇප නෑ

අල්ලස් ලබා ගැනීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

එම නඩුව අද (01) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබීමෙන් අනතුරුව එම නියෝගය ලබා දී ඇත.

ඒ අනුව ඔහු ලබන 08 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මෙලෙස නියම කර ඇත්තේ.

මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් නොමැති බවට අල්ලස් කොමිසමේ නිලධාරීන් කළ දැනුම්දීමට අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top