දොඩංගොඩ ගැලනිගම අධිවේගී මාර්ගයේ ගැලනිගම දෙසට 25.5 කිලෝමීටර කණුව අසල දී බිහිසුණු අනතුරක් සිදුව තිබේ.
ලොරි රථ දෙකක්, සුඛෝපභෝගි වෑන් රථයක් සහ කාර් රථයක් එකිනෙක ගැටී එම අනතුර සිදුව තිබේ.
මාතර දෙස සිට කොළඹ දෙසට ගමන් කරමින් තිබූ ලොරි රථයක පිටුපස විදේශිකයන් රැගත් සුඛෝපභෝගී වෑන් රථය ගැටී ඇති අතර ඒ සමගම පිටුපසින් පැමිණි කාර් රථය ද වෑන් රථයේ ගැටී ඇති බවයි පොලිසිය පවසන්නේ.
අනතුරින් විදේශිකයින් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු තුවාල ලබා ඇති අතර අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටට ද දැඩි හානි සිදුව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.