කොළඹ ජනප්‍රිය හෝටලයක 31 වන මහලෙන් ඇද වැටී තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (31) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අදාළ පුද්ගලයා එම හෝටලයේ 31 වන මහලේ කාමරයක නවාතැන් ගෙන සිට තිබේ.
එම හෝටලයේ හතරවෙනි මහලේ උද්‍යාන භූමිය අසල නාඳුනන පුද්ගලයකු මිය ගොස් ඇති බවට ආයතනයේ සේවකයකු කරන ලද පැමිණිල්ලකට අනුව මළ සිරුර සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි.
මෙය සියදිවි නසා ගැනීමක් බව පොලිසිය සැක පළ කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
කෙසේ වෙතත් අදාළ පුද්ගලයා මිය යෑමට පෙර ලියන ලද ලිපියක් පොලිසිය විසින් සොයාගෙන තිබේ. එම ලිපිය පහතින්,
