10:08:14 PM / Jul 26, 2025
10:08:14 PM / Jul 26, 2025

හිස් වූ අසුන ගැන කතානායක සභාවට දැනුම්දෙයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාලි නලීම් මහතා ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව අද (15) කතානායකවරයා සභාවට දැනුම් දුන්නේය.

ඊයේ (14) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා පැවසුවේ ඉදිරි පළාත් පාලන මැතිවණයේ දී එරාවූර් නගර සභාවට ඉදිරිපත් වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් තමන් ඉල්ලා අස්වන බවයි.

සාලි නලීම් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී වී තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *