මුතූර්, දහානගර්හි වියපත් සිය මිත්තණියන් දෙදෙනා ඝාතනය කළ බවට සැකපිට 15 වියැති දැරියක් අත්අඩංගුවට ගෙන තිබේ.
වයස අවුරුදු 68ක් සහ 74ක් යන වයස්වල පසුවූ මෙම කාන්තාවන් ඊයේ (14) අලුයම ඝාතනයට ලක්ව තිබුණේ තියුණු ආයුධයකින් පහරදීමෙන් බව හෙළි විය.
අපරාධය සම්බන්ධයෙන් දැරිය අත්අඩංගුවට පත්ව ඇති අතර මේ පිටුපස ඇති හේතු සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.