/ Sep 24, 2026

22 ගැන පාර්ලිමේන්තු විවාදය අද ඇරඹේ!

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ පාර්ලිමේන්තු විවාදය අද (24) ආරම්භ කිරීමට නියමිතයි.

පනත් කෙටුම්පත් දෙක සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පෙරේදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නවිසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එහි අධිකරණ තීන්දුව වී තිබුණේ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවයි. ඊට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් පමණක් සම්මත කිරීම ප්‍රමාණවත් බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

එලෙසම අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සරල බහුතරයකින් සම්මත කළ හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

ඒ අනුව අද දිනයේ සහ හෙට (25) දිනයේ ඊට අදාළ විවාදය පැවැත්වෙන අතර, හෙට පස්වරුවේ ඡන්ද විමසීම සිදුකෙරෙනු ඇති.

මේ අතර 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත රාජ්‍ය පරිපාලන, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවද අනුමැතිය ලබා දී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතාගේ සභාපතීත්වයෙන් කාරක සභාව රැස් වූ අතර එහිදී අදාළ පනත් කෙටුම්පත් දෙක සම්බන්ධයෙන් නීතිපතිවරයා කාරක සභාවට පැහැදිලි කිරීමක්ද සිදුකළ බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සඳහන් කළේය.

එමෙන්ම 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අද දින පොල්දුව මංසන්ධිය ඉදිරිපිට සමඟි ජන බලවේගය විසින් විරෝධතාවක් ද සංවිධානය කර තිබේ.22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ පාර්ලිමේන්තු විවාදය අද (24) ආරම්භ කිරීමට නියමිතයි.

පනත් කෙටුම්පත් දෙක සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පෙරේදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නවිසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එහි අධිකරණ තීන්දුව වී තිබුණේ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවයි. ඊට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් පමණක් සම්මත කිරීම ප්‍රමාණවත් බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

එලෙසම අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සරල බහුතරයකින් සම්මත කළ හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

ඒ අනුව අද දිනයේ සහ හෙට (25) දිනයේ ඊට අදාළ විවාදය පැවැත්වෙන අතර, හෙට පස්වරුවේ ඡන්ද විමසීම සිදුකෙරෙනු ඇති.

මේ අතර 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත රාජ්‍ය පරිපාලන, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවද අනුමැතිය ලබා දී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතාගේ සභාපතීත්වයෙන් කාරක සභාව රැස් වූ අතර එහිදී අදාළ පනත් කෙටුම්පත් දෙක සම්බන්ධයෙන් නීතිපතිවරයා කාරක සභාවට පැහැදිලි කිරීමක්ද සිදුකළ බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සඳහන් කළේය.

එමෙන්ම 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අද දින පොල්දුව මංසන්ධිය ඉදිරිපිට සමඟි ජන බලවේගය විසින් විරෝධතාවක් ද සංවිධානය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top