/ Sep 24, 2026

රට වට වැසි තත්වය තවදුරටත් : ගිං – නිල්වලා සුළු ගංවතුර!

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු-මැද පළාතේ සහ මන්නාරම දිස්ත්‍රික්කයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකිය.

දිවයිනට ඊසාන දෙසින් වයඹදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බැවින් නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය තව දුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කෙසේ වෙතත්, ගිං ගඟ සහ නිල්වලා ගඟ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස අදාළ ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top