රැඳවුම් නියෝග මත රහස් පොලිසිය භාරයේ සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමඟ සාකච්ඡා කිරීමට හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
හිටපු ජනපතිවරයා සිය ආරක්ෂක නිලධාරියෙකු මාර්ගයෙන් දුරකතනය හරහා පිල්ලෙයාන්ට කතා කිරීමට අවස්ථාවක් ඉල්ලා ඇතත් රැඳවුම් භාරයේ පසුවන සැකකරුවෙකුට එසේ කතා කිරීමට ලබා දීම නීතිවිරෝධී බැවින් එය ප්‍රතිකේෂ්ප කළ බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසා ඇත්තේ.
පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල තමන් පිල්ලෙයාන්ගේ නීතිඥයා බව පවසා කතා කිරීමට අවස්ථාව ඉල්ලා ඇති අතර එම අවස්ථාව ලබා දී ඇතැයි ද වාර්තා වේ.