/ Aug 14, 2026

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් කෝටි ගණනක දේපළ උපයාගත් පොඩ්ඩි රිමාන්ඩ්!

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් කෝටි ගණනක දේපල උපයාගෙන තිබෙන බවට චෝදනා එල්ල වී ඇති වින්දනී සූරියාරච්චි හෙවත් පොඩ්ඩී නමැති සැකකාරිය ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (14) නියෝග කළේය.

හෙරොයින් මත්කුඩු ජාවාරමෙන් උපයාගත් මුදල්වලින් රුපියල් කෝටි ගණනක දේපළ අත්පත් කරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය විසින් ඇය අත්අඩංගුවට ගෙන තිබුණි.

වසර 14ක කාලයක් තුළ හෙරොයින් මත්කුඩු ජාවාරම තුළින් රුපියල් ලක්ෂ 850 කට අධික වත්කම් අයථා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් මෙම සැකකාරිය ඊයේ (13) අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස නීති විරෝධී ලෙස අත්පත් කරගන්නා ලද කොළඹ ආසන්නයේ පිහිටි නිවාස තුනක්, වෙළඳ සැල් තුනක් සහ බැංකු ගිණුම් හයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට තහනමට ගෙන ගෙන ක්‍රියා විරහිත කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top