/ Aug 14, 2026

අධික උණුසුම නිසා ඇතිවන අතුරු ප්‍රතිවිපාකයක් – කවුරුත් නොහිතන කතාවක්!

අධික උණුසුම් කාලගුණික තත්ත්වය මත මානසික රෝගීන්ගේ වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි මානසික රෝග විශේෂඥ වෛද්‍ය රූමී රූබන් පවසයි.

විශාදය සහ කාංසාව යන රෝගී තත්ත්වය මෙන්ම අධික කෝපය ඇති වීම සිදුවිය හැකි බවයි විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරන්නේ.

අධික උෂ්ණත්වයට නිරාවරණය වීම මානසික රෝගී තත්ත්වයන් ඇතිවීමට මෙන්ම මානසික රෝග පවතින අයට එය අහිතකර ලෙස බලපාන බව මානසික සෞඛ්‍ය පිළිබඳ සිදුඅක්රන ලද පර්යේෂණ මඟින් තහවුරු වී තිබෙන බවද ඔහු කියා සිටියි.

ඒ අනුව සාමාන්‍යයෙන් මාර්ගය භාවිතා කිරීමේදී පදිකයින් ලෙසත් රියදුරන් ලෙසත් ගමන් කිරීමේදී ඇතිවන නොරුස්නා සිදුවීම් ගැටුම් දක්වා වර්ධනය වීමට අධික උෂ්ණත්වය බලපානු ලබයි.

දරුවන්ද අධික උෂ්ණත්වයට නිරාවරණය වීමෙන් අධ්‍යාපනය සඳහා අවධානය ගිලිහීම වැනි තත්ත්වයන් මතු විය හකි බවයි රූමී රූබන් මහතා සඳහන් කරන්නේ.

මෙම තත්ත්වයන් ගෘහස්ත හිංසනය දක්වාම වුවද වර්ධනය විය හැකියි.

ඒ අනුව අධික උෂ්ණත්වයට අඛණ්ඩව නිරාවරණය නොවීමටත් හොඳින් ජලය පානය කිරීමටත් කටයුතු කරන ලෙස ඔහු ජනතාවට සිහිපත් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top