2024-2025 ශ්‍රීපාද වන්දනාවාරය ආරම්භකර මාස තුනක් තුළ හැටන් මාර්ගය ඔස්සේ හෙරොයින්, අසිස්, අයිස්, ගංජා ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණි 592ක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් වරද පිළිගත් බැවින් රු.60,29,324 ක (හැටලක්ෂ විසි නවදහස් තුන්සිය විසිහතරක) මුදලක් දඩ මුදල් වශයෙන් අය කරගෙන ඇති බව පොලිසිය පවසයි.
මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන පිරිස් අත්අඩංගුවට ගැනීම සදහා හැටන්, බගවන්තලාව, නොර්වුඩ්, මස්කෙලිය, නොර්ටන්බ්‍රිජ්, නල්ලතන්නිය, පොල්පිටිය, වටවල සහ ගිනිගත්හේන යන පොලිස් ස්ථානවල පොලිස් නිළධාරින් සහ හැටන් පොලිස් කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරින් මැදිහත්ව තිබේ.