ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ සැඟව සිටින ප්‍රධාන සැකකාරිය සම්බන්ධයෙන් සාර්ථක තොරතුරක් ලබා දෙන අයෙකුට රුපියල් ලක්ෂ 12ක මුදල් ත්‍යාගයක් ලබාදෙන බව පොලිස් මූලස්ථානය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කෙට්ඨාසය මේ බව දැනුම් දී ඇත.
පසුගිය පෙබරවාරි මස 19වෙනිදා අළුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණය තුලදී සංවිධානාත්මක අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීව නැමැත්තා වෙඩි තබා ඝාතනය කළ අතර මෙම වෙඩි තැබීම සිදුකරන ලද වෙඩික්කරුට ආධාර අනුබල ලබාදුන් ප්‍රධාන සැකකාරිය වන්නේ පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නැමති වයස අවුරුදු 25 ක් වන කාන්තාවක්.
වෙඩි තැබීම සිදුකළ දිනයේ සිට මේ වන තෙක් ඇය සැඟව සිටින ස්ථානය සම්බන්ධයෙන් නිසි තොරතුරක් නොමැති බැවින් සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා සාර්ථක තොරතුරක් ලබාදෙන අයෙකුට රුපියල් ලක්ෂ 12 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ.
තොරතුරු ලබා දිය හැකි දුරකතන අංක –
අධ්‍යක්ෂ,කොළඹ අපරාධ කොට්ඨාසය – 071-8591727
ස්ථානාධිපති, කොළඹ අපරාධ කොට්ඨාසය – 071-8591735