/ Apr 20, 2025

පරීක්ෂා කරන මුවාවෙන් පසුම්බියට විද්ද පොලිස් නිලධාරියාට මාංචු

දෙනියාය බස් නැවතුම්පොළේ රැඳී සිටි මගියෙකු පරීක්ෂා කරන මුවාවෙන් ඔහුගේ කමිස සාක්කුවේ තිබූ මුදලක් සොරකම් කිරීම සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයකු දෙනියාය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙනියාය පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටි සැරයන්වරයෙකි.

අදාළ සැරයන්වරයා රාත්‍රී ජංගම සංචාර රාජකාරියේ යෙදී සිටිය දී, බස් නැවතුමේ රැඳී සිටි එම මගියාගෙන් සැකපිට ප්‍රශ්න කර පරීක්ෂාවට ලක් කර ඇතැයි වාර්තා වේ.

පොලිස් සැරයන් විසින් මගියා පරීක්ෂාවට ලක් කර පිටව ගිය පසු සිදුකළ සොයා බැලීමේදී මගියාගේ කමිස සාක්කුවේ තිබූ රුපියල් 21,540 ක මුදල සොරාගෙන ගොස් ඇති බවට තහවුරු වී තිබේ.

අනතුරුව අදාළ පුද්ගලයා ඒ සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලකට අනුවයි සැකකාර සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top