/ Jun 25, 2025

ප්‍රාඩෝ හබය යළි ඇවිළේ: ජාජබ මන්ත්‍රීගෙන් රථය පොලිස් භාරයට!

Police seize vehicle belonging to NJP MP!

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත තමාට අයත් ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථය බලහත්කාරයෙන් සතු කරගෙන ඇති බවත්, එය යොදවා යම් නීතිවිරෝධී කටයුත්තක් කෙරේද යන්න තමාට සැක බවත් ඔහුගේ නීතිඥ බිරිඳ පසුගිය දා පොලිසියට පැමිණිලි කළා ය.

කෙසේ වෙතත් ආසන්න දිනකදී ඇය සහ ඇගේ නීතිඥවරිය පොලිස් මූලස්ථානයට පැමිණිලි කළේ පිළියන්දල පොලිසිය විසින් විමර්ශන නිසි පරිදි ක්‍රියාත්මක නොකරන බවයි.

කෙසේ වෙතත්, ඊයේ දිනයේදී මන්ත්‍රීවරයාගේ මිතුරකු සන්තකයේ තිබී අදාළ ජීප් රථය පොලිස් භාරයට ගෙන තිබේ. අධිකරණ ක්‍රියාවලියෙන් අනතුරුව මෙම රථය නීත්‍යානුකූල හිමිකරු වෙත භාර දෙන බව පොලිසිය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top