/ May 09, 2025

පාප්තුමන් වෙනුවෙන් යාඥා කරන්න: කිතුනු සභාව

Francis pope

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ වී ඇතැයි විදෙස් පුවත් වාර්තා කර ඇත.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ රෝමයේ ගෙමෙල්ලි රෝහල වෙත ඉකුත් 14 වෙනිදා ඇතුළත් කරනු ලැබීය.

88 හැවිරිදි වියේ පසුවන උන්වහන්සේගේ පෙණහලු දෙකේ ම නියුමෝනියා රෝගී තත්ත්වයක් වර්ධනය වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මේ අතර, සතියකට වැඩි කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ෆ්රැන්සිස් පාප් වහන්සේගේ සුවය පතා යාඥා කරන්නැයි කතෝලික සභාව මෙරට කතෝලික බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරන බව අගරදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිසන්ත පියතුමා පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top