/ Aug 20, 2026

නන්දා මාලනියගේ අභාවය පිළිබඳ ජනපතිගේ ශෝක සටහන!

ප්‍රවීණ ගායන ශිල්පිනි, විශාරද ආචාර්ය නන්දා මාලනියගේ අභාවය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝක පණිවුඩයක් නිකුත් කර තිබේ.

සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, දුෂ්කරම සමයක ඇය සිදු කළ යුග මෙහෙවරව සදානුස්මරණීය බවයි.

තම කාලයේ සැබෑ සංගීත පුරාවෘත්තයක් වූ නන්දා මාලනීගේ අභාවය සම්බන්ධයෙන් අතිශයින් ශෝකයට පත් වන අතර ඇගේ අකාලික සංගීතය ශ්‍රී ලාංකික තරුණ හා මහලු පරම්පරා ගණනාවකට ආස්වාදයක් ලබා දුන් බවද ජනාධිපති වරයා සඳහන් කරයි.

ඇගේ විශිෂ්ට උරුමය මිලියන ගණනකගේ හදවත් තුළ ජීවමාන වනු ඇති බව ද ජනාධිපතිවරයාගේ සමාජ මාධ්‍ය සටහනේ වැඩිදුරටත් දක්වා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top