අහිම්සා වික්‍රමතුංග විසින් යොමු කළ ලිපියට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අද පාර්ලිමේන්තුවේදී ප්‍රතිචාර දක්වනු ලැබුවාය.
ලසන්ත වික්‍රමතුංග වෙනුවෙන් අවශ්‍ය නම් අලුතින් නඩු පැවරීමට කටයුතු කරන බවත් යුක්තිය ඉටුකිරීමට රජයට ගතහැකි සෑම නීතිමය පියවරක්ම ගන්නා බවත් ඇය එහිදී සඳහන් කළාය.
ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා ලබාදුන් නිර්දේශ පිළිබඳව මහත් ආන්දෝලනයක් ඇති වූ අතර ඊයේ (06) දිනයේ ඔහුගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින් නීතිපතිවරයාට දෝෂාභියෝගයක් ගෙන එන්නැයි ඉල්ලමින් අගමැතිනිය වෙත ලිපියක් යොමු කරනු ලැබුවාය.