පළාත් සභා මැතිවරණය 2026 වසරේ අප්‍රේල් මාසයට පෙර පැවැත්වීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.
ලබන වසර සඳහා අය-වැය යෝජනා සකස් කර සම්මත කර ගැනීමෙන් පසුව පළාත් සභා ඡන්දය පැවැත්වීම කෙරෙහි රජය අවධානය යොමු කර ඇති බව කියැවෙන අතර සමගි ජනබලවේගය මැතිවරණය සඳහා ලකලෑස්ති වෙමින් සිටින බවද ඒ අතර වාර්තා වේ.
කෙසේ වෙතත් පළාත් සභා විසුරුවා දමා නැවත මැතිවරණයක් පැවැත්වීම මේ වන විට වසර 10ක් දක්වා කල් ගොස් තිබේ. බලය බෙදාහැරීම පිණිස පිහිටුවන ලද මෙම පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කිරීම ව්‍යවස්ථාපිත අවශ්‍යතාවක් වුවද මෙසේ එය කල්දමා තිබීම විවේචනයට ලක්වෙමින් තිබේ.