අද (04) දිනයේ ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකට වැසි ලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය දෛනික කාලගුණ නිවේදනය හරහා වාර්තා කරයි.
එම නිවේදනය පහතින්,
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. මෙම ප්‍රදේශ වල ඇතැම් ස්ථානවලට මි.මී 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.
අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් රත්නපුර, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ තද සුළං ඇති විය හැක.






