ප්‍රසිද්ධ රැප් ගායක ඉරාජ් වීරරත්න මහතා අද (26) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ අංශය වෙත පැමිණ තිබේ.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීමක් මත ප්‍රකාශයක් ලබාදීම සඳහා ය.
එහිදී ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඊයේ (25) දිනයේදී සිය යූටියුබ් නාලිකාව හරහා සුදත්ත තිලකසිරි මහතා සම්බන්ධයෙන් සිදුකළ හෙළිදරව්වක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙලෙස කැඳවන්නට ඇති බවයි.
දළදා මාලිගාවට මුදල් ලබාදෙන ලෙසට වංචනික ලෙස සිදුකළ ඉල්ලීමක් සම්බන්ධයෙන් තමා අදාළ දැනුවත් කිරීම සිදුකළ බවත් අදාළ වීඩියෝව ලෝකේ වටේ සිටින ශ්‍රී ලාංකිකයින් බහුතරයක් නරඹා ඇති බවත් පැවසීය.