/ Mar 22, 2025

ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

පසුගිය වසරේ පැවැති ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් නිකුත් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ එම ප්‍රතිඵළ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබා ගත හැකි බවයි.

එමෙන්ම මෙම විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් කිසි විමසීමක් වේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවර්ධන හා ප්‍රතිඵල ශාඛාවේ පහත සඳහන් දුරකතන අංක වෙත අමතන ලෙස ද එම දෙපාර්තමේන්තුව පවසයි.

ක්ෂණික ඇමතුම් – 1911
දුරකථන අංක – 0112784208, 0112784527, 0112785922, 0112784422

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top