පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති හිතාමතාම බාධා කරන බවට චෝදනා කරමින් ‘ඉන්ධන කාටෙලයකට‘ ආණ්ඩුව යටවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරයි.
X හි සටහනක් තබමින් විපක්ෂ නායකවරයා සෝලා සඳහා ගෙවන ගාස්තු අඩු කිරීම විවේචනය කරන අතර එය ‘ආර්ථික තර්කයක් නොමැති, දූෂණයේ ක්‍රියාවක් බව කියා සිටී.
“මම මීට පෙර කවදාවත් මෙය පවසා නැහැ. නමුත් එය කීමට කාලයයි, ඉන්ධන කාටෙල් මෙම රජය මෙහෙයවයි. සෑම පුනර්ජනනීය ව්‍යාපෘතියක්ම අවහිර කර හෝ නවතා දමනු ලැබේ. සූර්ය බලශක්ති ගාස්තු අඩු කර ඇත. ආර්ථික තර්කයක් නැත, දූෂණය පමණි,” ඔහු එහි කියා සිටී.
ශ්‍රී ලංකාවේ වහල මත සූර්ය බලශක්ති සඳහා ගෙවන ගාස්තු අඩු කිරීමට ගෙනැවිත් ඇති යෝජනාවට සූර්ය කර්මාන්ත සංගමය (SIA) සිය විරෝධය ප්‍රකාශ කර තිබේ. එමගින් ව්‍යාපාර 1,000 කට වැඩි ගණනකට සහ රැකියා 40,000 කට හානි කළ හැකි බවට එම සංගමය අනතුරු අඟවයි.