පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනුකර තිබෙන ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් වන නඩු විභාගයෙන් ඉවත් වීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න තීරණය කර තිබේ.
සනත් බාලසූරිය සහ පෝද්දල ජයන්ත යන පුද්ගලයින් දෙදෙනෙකු විසින් තමන් සම්බන්ධයෙන් මුහුණුපොතේ පළ කර තිබූ අදහස්වලින් අනතුරුව තමන් එම තීන්දුව ගත් බවයි විනිසුරු මංජුල තිලකරත්න විවෘත අධිකරණයේ දී අද (27) දැනුම් දී ඇත්තේ.
ඒ අනුව මෙම නඩුව විභාග කිරීම සඳහා සුදුසු විනිසුරුවරයෙකු නම් කිරීම සඳහා එය කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ හමුවට යොමු කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.