සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැකකෙරෙන කෙහෙල්බද්දර පද්මේ සමඟ සබඳතා පැවැත්වීමේ චෝදනාව සම්බන්ධයෙන් විමසීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (02) නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරව කැඳවා තිබුණි.
ඒ අනුව පැය හතරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් ඇත.
සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැකකෙරෙන ‘කෙහෙල්බද්දර පද්මේ’ නමැත්තා සමග පැවැත්වූයේ යැයි කියන සබඳතා කිහිපයක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා වරුණ ජයසුන්දර මහතාව කැඳවා තිබේ.






