/ Jul 02, 2026

ඩෙංගු රෝගීන් 56,000 ඉක්මවයි – මරණ 35ක්!

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56,000 ඉක්මවා ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඒ අනුව වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56,422ක් වී ඇති අතර මරණ 35 දක්වා ඉහළ ‌ගොස් ඇත.

මේ අතර ගත වූ පැය 24ක කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 1,025ක් වාර්තා වී තිබේ.

ඩෙංගු රෝග ව්‍යාප්තිය වළක්වා ගැනීම වෙනුවෙන් ලබාදෙන උපදෙස් නිරන්තරයෙන් පිළිපදින ලෙසද සෞඛ්‍ය අංශ උපදෙස් දෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top