රටේ බොහෝ ප්‍රදේශවලට දැඩි උණුසුම සහිත වියළි කාලගුණ තත්වයක් පවතින බව වාර්තා වේ.
මේ හේතුවෙන් මධ්‍යම කඳුකර වනාන්තර රැසක් ගිනි ඇවිළීමේ ඇවිළීමේ අවදානමක ඇත්තේ දැඩි අව් රශ්මිය නිසා ශාක වර්ග පිළිස්සී කරව ගොස් තිබීම හේතුවෙනි.
මහනුවර, මාතලේ, නුවරඑළිය දිස්ත්‍රික්කවල පිහිටි වනාන්තර රැසක – නකල්ස්, හන්තාන, හේටන්තැන්න ආදී පෙදෙස් මෙම අවදානමට මුහුණ දී ඇත.
බලධාරීන් පවසන්නේ, මේ දිනවල ඒ ආසන්නයේ හැසිරෙන සංචාරකයන් මේ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බවයි.
රත්නපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්ක පසුගිය දිනවල රටේ වැඩිම උෂ්ණත්වයන් වාර්තා කළේ ය.
දැඩි අව් රශ්මියේ දිගු වෙලාවක් නොසිටීම, නිරන්තර ජල පානය වැනි මාර්ගෝපදේශ සෞඛ්‍ය අංශ වෙතින් ජනතාවට ලබා දී තිබේ.