/ Mar 25, 2025

කොටහේනේ සැකකරු ඝාතනය ගැන පොලිසිය කියන කතාව

ඊයේ (21) දින රාත්‍රී කාලයේ කොටහේන පොලිස් වසමේ දුරකතන අලෙවිසැලක් තුල වයස අවුරුදු 38ක සිවලිංගම් සශිකුමාර් යන අයට යතුරු පැදියකින් පැමිණ වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පොලිස් වෙඩි පහරින් මිය යෑම ගැන පොලිසිය අදහස් දක්වා තිබේ.

පොලිසිය පවසන්නේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරව සිදු කළ විමර්ශනයේදී ඔවුන් විසින් සඟවා තිබූ ගිනි අවි සොයා ගැනීමට මට්ටකුලිය පොලිස් වසමේ කාක දූපත ප්‍රදේශයට ගිය බවත් එහිදී සැකකරුවන් නොසන්සුන් ලෙස හැසිරෙමින් කොටහේන පොලිසියේ ස්ථානාපතිවරයාගේ ගිනි අවිය උදුරා ගැනීමට තැත් කළ බව සහ එහිදී පොලිස් නිලධාරීයෙකුගේ පාදයකට වෙඩි වැදුණු බවයි.

මෙහිදී පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහා වෙඩි තැබීමක් කළ බවයි, පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.

මෙම වෙඩි තැබීමෙන් සැකකරුවන් මිය ගොස් තිබේ. සැකකරුවන් වයස අවුරුදු 35 සහ 32 වයස්වල පසුවූවන්. එක් අයෙකු හිටපු යුද හමුදා සෙබළකු බව අනාවරණය වී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top