/ Mar 25, 2025

‍රැප් ගායක ශාන් පුතා තුවක්කුවක් එක්ක දැලේ

shan putha aressted

අද (14) අලුයම් කාලයේ දී නීතිවිරෝධී ගිනි අවියක් සමඟ ශාන් පුතා නම් රැප් ගායකයා පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයි වාර්තා වේ.

පොලිස් ආරංචිමාර්ග පවසන්නේ සැකකරු සන්තකයේ මාතර දී සිදු කළ වෙඩි තැබීමක් සම්බන්ධ ගිනි අවියක් ඇතැයි ලද තොරතුරක් මත ඔහුගේ නිවෙස සෝදිසි කළ බවත් එහිදී මෙම ගිනි අවිය හමු වූ බවත් ය.

මිලිමීටර් 9 වර්ගයේ රිවෝල්වරයක් බව පැවසෙන මෙම ගිනි අවිය ශ්‍රී ලංකා පොලිසියට අයත් එකක් බවත් පොලිස් කොස්තාපල්වරයෙකු මෙම ගායකයාට එය සොරා ගෙන ගෙනැවිත් දී ඇති බැවත් පැවසේ.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top