/ Oct 07, 2026

ශිරන්තිව අධිකරණයට රැගෙන යයි!

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද (07) කිරුළපන නිවසේදී අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගොස් තිබේ.

‘සිරිලිය සවිය’ ගිණුම පිළිබඳ සිදුකරන විමර්ශනවලට අදාළව එම අත්අඩංගුවට ගැනීම සිදුව තිබුණි.

ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබාගත් රුපියල් ලක්ෂ 100ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම මගින් දූෂණය හා පොදු දේපළ පනත යටතේ වන වැරදි සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල වී තිබේ.

මෙම කාරණයට අදාළව හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ සැමියා වන ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top