රක්ෂිත බන්ධනාගාරගතව දැනට කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබන, හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වෙන ශිරන්ති රාජපක්ෂගේ සෞඛ්ය තත්ත්වය පිළිබඳ වෛද්ය මණ්ඩල වාර්තාව අද සවස 4 වනවිට රෝහල් අධ්යක්ෂවරයා වෙත භාරදීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙයි.
ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්ය සම්පත් ඉන්දික කුමාර පවසන්නේ එම මණ්ඩලයට වෛද්යවරුන් 14 දෙනෙක් ඇතුළත් බවයි.
ශිරන්ති රාජපක්ෂගේ හෘදය සම්බන්ධ රෝග සහ ඊට අදාළ ප්රතිකාර කටයුතු සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම වෛද්ය මණ්ඩලය මගින් සිදු කිරීමට නියමිතයි.
සිරිලිය ගිණුම හරහා රුපියල් මිලියන 10 ක රජයේ මුදල් සාපරාධී සාවද්ය පරිහරණය සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල වී තිබෙන අතර නඩුව හෙට (16) කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතයි.





