පෙරේදා සිට බිඳ වැටී ඇති නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය යලි පද්ධතියට එක් කිරීමට සිකුරාදා (14) තෙක් කාලය ගත වනු ඇතැයි වාර්තා වේ.
දැනට ක්‍රියාත්මක විදුලි කප්පාදු කාලසටහන ඒ් දක්වා ක‍්‍රියාත්මක කිරිමට නියමිත අතර පොහෝය නිවාඩු දින විදුලි ඉල්ලුම අඩු වීම මත එදිනට විදුලි කප්පාදුවක් සිදු නොවනු ඇති බවයි විදුලිබල මණ්ඩලය දැනුම් දෙන්නේ.
බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල විදුලි කප්පාදුව පිළිබඳ ඉදිරියේදී ඇති වන වර්ධනයන් අනුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේය.