/ Mar 25, 2025

කළු සල්ලි සුදු කිරීමට තිත තියන්න යයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සඳහා ඉහළ මට්ටමේ කාර්ය සාධක බළකායක් පත් කර තිබේ.

ඒ අනුව මේ සඳහා රජයේ සහයෝගය සහතික කරමින්, ශ්‍රී ලංකාවේ දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා රජය ගෙනයන ප්‍රයත්නයන්ට අනුකූලව ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි, එම මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම පිළිබඳ කාර්ය සාධක බලකාය ඉහළ මට්ටමේ අමාත්‍ය නියෝජනයක් සහිතව ප්‍රතිසංවිධානය කර ඇත.

මෙම ඉහළ මට්ටමේ කාර්ය සාධක බළකායේ සාමාජිකයින් ලෙස ,

විනිසුරු බුවනෙක අළුවිහාරේ , ජනාධිපති නීතිඥ – විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු (සභාපති)

හර්ෂණ නානායක්කාර – අධිකරණ අමාත්‍ය

මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු – කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම – මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය

නෙලුමනී දවුලගල – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව

ඒ.කේ.ඩී.ඩී.ඩී. අරන්දර – අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය කටයුතු කරනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top